ඉඩම් මිලදී ගැනීම හෝ විකිණීම සඳහා අවශ්‍ය දේ
එසේ නම් අපව හමුවන්න.
ඉඩම් මිලදී ගැනීම හෝ විකිණීම කෙනෙකු විසින් තම ජීවිත කාලයේ ගනු ලබන වැදගත් තීරණයකි. මේ සම්බන්ධයෙන් සුදුසුකම් ලත් අපගේ සොලිසිටර්වරුන් හමුවී ගිවිසුම් අත්සන් කිරීමේ සිට දේපළ පවරා ගැනීම දක්වා පියවරෙන් පියවර උපදෙස් ලබා ගන්න.
වර්තමානයේ දේපළ පවරා ගැනීම විද්‍යුත් මාර්ගය (PEXA) ඔස්සේ සිදුකරන බැවින් ඒ පිළිබඳ මනා පළපුරුද්දක් ඇති නීතිඥවරුන් එය කාර්යක්ෂමව සිදුකර දෙනු ඇත.
දේපළ පිළිබඳ ඔබට ඇති ගැටළු වලට පිළිතුරු ලබාදීම, ඔබගේ උපදෙස් පරිදි සකස් කරගැනීම හෝ අනෙකුත් පාර්ශවයන් සමඟ සාකච්ඡා කර සමථයකට පත් කිරීම හෝ නීතියට අනුව කටයුතු කිරීම අප විසින් සිදු කරනු ලබයි.
තවද ඔබගේ පළමු නිවස හෝ ඉඩම මිලදී ගැනීමේදී ඔබට හිමි විය හැකි මුද්‍රා ගාස්තු නිදහස් කිරීම (Stamp Duty Exemption) සහ අනෙකුත් ලියකියවිලි සැකසීමද අපගේ කාර්යාලයේ සොලිසිටර්වරුන් හමුවී කර ගත හැක.
එමගින් ඉඩම මිලදී ගැනීමට පෙර ඇති විය හැකි නීතිමය ප්‍රශ්න වලට මුහුණ නොදී, ඔබ අත්සන් කරන ලේඛන සහ ගිවිසුම් පිළිබඳව අවශ්‍ය දැනුම ලබා ගැනීම ඉතා වැදගත්ය. අපගේ සොලිසිටර්වරුන් ඔබගේ සියලු ලේඛන පරීක්ෂා කර ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙනු ඇත.
Download the full article here.