Wills

ඔස්ට්‍රේලියාවේ අවසන් කැමති පත්‍රයක් (Will) ලිවීමේ වැදගත්කම

ඔබ අවසන් කැමති පත්‍රයක් ලියා තබා තිබේද?
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සෑම කෙනෙකුටම අවසන් කැමති පත්‍රයක් අවශ්‍ය වේ. එය ඔබ ජීවත්ව සිටින කාලයේ අත්සන් කරන ඉතා වැදගත් ලේඛනයකි. අවසන් කැමති පත්‍රයක් ලියා තැබීමෙන් ඔබගේ දේපළ සම්බන්ධයෙන් මතුවිය හැකි ආරවුල් වැළැක්විය හැකි අතර, ඔබ වඩාත් ආදරය කරන අය සඳහා එය මහත් ආරක්ෂාවක් වේ.
අවසන් කැමති පත්‍ර පිළිබඳ හසල පළපුරුද්දක් ඇති අපගේ සොලිසිටර්වරුන් පැහැදිලිව හා නිවැරදිව ඔබගේ අවසන් කැමති පත්‍රය සකස් කර දෙනු ඇත. එමඟින් ඔබගේ දේපළ සම්බන්ධයෙන් අනාගතයේ ඇති විය හැකි ගැටළු හෝ අභියෝග ජය ගැනීමට හැකි වේ. එසේම, ඔබගේ මරණයෙන් පසු උරුමය සම්බන්ධ නීතිමය කටයුතු වලට මුහුණ දීමට සිදුවීම වැළැක්විය හැක.
අවසන් කැමති පත්‍රයක් ලිවීම තුළින් පහත කරුණු ස්ථිරව සඳහන් කළ හැක:

• ඔබගේ දේපළ පරිපාලනය කරන්නේ කවුද
• ඔබගේ දේපළ උරුම වන්නේ කාටද
• උරුමකරුවන්ට විශේෂ දානයන් ලබාදීම
• නාබාල වයස්කාර දරුවන්ගේ භාරකාරත්වය
• අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය

එසේ නම්, අදම අපගේ නීතිඥවරුන් හමුවන්න. කල් නොදමන්න.

Download the full article here.

Download the full article here.