ශ්‍රී ලංකාවට බලපාන පරිදි ඇටෝර්නි බලපත්‍ර පිළියෙල කිරීම
ශ්‍රී ලංකාවේදී විශේෂ ඇටෝර්නි බලපත්‍රයක් මගින් ඔබගේ දේපළ විකිණීමට අවශ්‍ය නම්, එම ඇටෝර්නි බලපත්‍රය පිළියෙල කර දීමට අපට හැකිය. එය ඔස්ට්‍රේලියාව තුළදී අත්සන් කර දීමටද අපට පූර්ණ සහාය ලබා දිය හැක.
ඔස්ට්‍රේලියානු ඇටෝර්නි බලපත්‍ර
ඔස්ට්‍රේලියානු සාමාන්‍ය ඇටෝර්නි බලපත්‍රයක් (General Power of Attorney) මගින් නිශ්චිත කාල සීමාවක් සඳහා හෝ නිශ්චිත කාර්යයක් සඳහා පමණක් බලය ලබා දිය හැක. උදාහරණයක් ලෙස, පිටරට සංචාරයක් සඳහා ඔබ යන විට, එම කාලය තුළ පමණක් වෙනත් පුද්ගලයෙකුට බලය පවරා දිය හැක.
නිශ්චිත ඇටෝර්නි බලපත්‍රය (Enduring Power of Attorney) යනු දිගු කාලීනව බලය පැවරිය හැකි ආකාරයකි. මූල්‍ය, දේපළ පරිහරණය සහ සාමාන්‍ය නීතිමය කටයුතු සඳහාද එය භාවිතා කළ හැක. එම බලපත්‍රය ඔබට විශ්වාසය ඇති පවුලේ සාමාජිකයෙකු හෝ හිතවතෙකු වෙත පැවරිය හැක.
සෞඛ්‍ය හා වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන්
ඔබට සෞඛ්‍ය හා වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් නියෝග ලබා දිය නොහැකි අවස්ථාවක භාවිතා කිරීම සඳහා Advance Care Directive නම් ලේඛනය පිළියෙල කළ යුතුය.
ඉහත සඳහන් ලේඛන නීතිමය ලේඛන වන බැවින්, ඒ පිළිබඳ උපදෙස් ලබා දීමට අපට හැකි අතර, එම ලේඛන නිසි පරිදි පිළියෙල කර දීමට අපගේ නීතිඥවරුන් සූදානම් වේ.
Download the full article here.